රිෂාඩ් හා යුද හමුදාපති හෙට විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඊට අමතරව යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාද එදිනට කැඳවීමට කාරක සභාවේ අවධානය යොමුව ඇති අතර මෙම විශේෂ කාරක සභාවේ හයවැනි දිනයේ සාක්ෂි විමසීමේ කටයුතු පාර්ලිමේන්තුවේ කමිටු කාමර 01හිදී හෙට (26දා) සවස 02.00ට සිදු කිරීමට නියමිතව ඇත.
යුද හමුදාපතිවරයා මෙම තේරිම් කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ සක්‍රීය සේවයේ යෙදි සිටින කිසිදු නිලධාරියෙකු තේරිම් කාරක සභාවට නොයවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක වන අතර මේ මස 27 හා 28 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාර දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.
