රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ දෙදෙනෙකු මාට්ටු
මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (23) මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබූ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 8 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.