රුපියල් කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනියි
රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමින් යුතු අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්රැම් එකයි ග්රැම් පහක ප්‍රමාණයක් ඊයේ(16) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේ තිබි අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ උතුරුමැද නාවික විධානයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගය සොයගෙන ඇති බවයි.
සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට බෙදාහැරීමට සුදානම් කොට තිබියදී සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වන අතර, වර්තමානයේදී අයිස් මත්ද්‍රව්‍ය බහුලව ඉන්දියාවේ සිට ගෙනෙන බවට තොරතුරු අනාවරණය පවතින බවයි.
සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය
