News

රුපියල් 25000ක දඩය රථ වාහන වැරදි සඳහා නැවත එයි

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (25) වනදා ප්‍රකාශ කළේය.

මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් 25000ක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළ අතර දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.