News

රුපියල තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රුපියලේ අගය අද (17) රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාව මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 75ක් ලෙස සටහන් වූ බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස අද දිනයේ සටහන වූයේ රුපියල් 197යි ශත 58ක් ලෙසිනි.

මීට පෙර 2020 වසරේ අප්‍රේල් මස 8වැනිදා මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව පසු කළ අතර, ඉන් අනතුරුව නැවත ඊයේ (16) දිනයේ නැවත රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.