රුවන්වැලිසෑයේ ගැලවූ කොත ගැන පරීක්ෂණයක්
රුවන්වැලි මහා සෑයේ පලඳවා තිබූ පැරණි කොත ගැලවූ පසු එම කොතෙහි අඩංගුව පැවැති දෑ සම්බන්ධව යම් වාර්තාගත කිරීමක් සිදුකළාද යන්න ගැන පරීක්ෂණයක් අරඹන බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පැවසීය.
මෙහිදී යම් අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය සිදුකරන බවද කොමසාරිස් ජනරාල්වරයා කියයි.
රුවන්වැලි මහා සෑයට පලඳවා තිබූ පැරණි කොතේ අඩංගු මැණික් ආදිය පිළිබඳව යම් භාණ්ඩ ලැයිස්තුවක් පැවැතියේද යන්න සොයා බැලීමට නියමිතය.
මහා සෑය පුරාවස්තුවක් වූවද එහි පලඳවා තිබූ කොත අවුරුදු සියයක් තරම්වත් පැරණි එකක් නොවන බැවින්, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලනය යටතේ නොපැවතුණු බව පැවසේ.
පැරණි කොතට අදාළ තක්සේරුවක් ලබාදීම සහ එහි කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් අවශ්‍යද යන්න සොයා බැලීම සඳහා කමිටුවකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
සාලිය කුමාර ගුණසේකර
