News

රුවන්වැලි මහාසෑයේ කොත් වහන්සේට පැලඳවීමට නිර්මාණය කළ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැඳැහැවතුන්ට අදත් අවස්ථාව

ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ කොත් වහන්සේට පැලඳවීමට නිර්මාණය කරන ලද රන් පාදම සහිත චුඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට (25) සවස ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දහස් සංඛ්‍යාත මහාසංඝරත්නය සහ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

කුරුණෑගල ඇත්කඳ පුරාණ රජමහා විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කෙරුණු චුඩා මාණික්‍යය ඉකුත් 22 වෙනිදා පස්වරුවේ ස්වර්ණමාලි සෑ පුදබිමට රිය පෙරහැරකින් වැඩම කරනු ලැබිය.

මෙම රන් පාදම සහිත චුඩා මාණික්‍යය සියැසින් දැක බලා වන්දනාමාන කිරීමට ස්වර්ණමාලි සෑ පුදබිම වෙත දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණෙමින් සිටින අතර අද (24) දිනයේදී ද චූඩා මාණික්‍යය වන්දනා කිරීමට අවස්ථාව උදා වේ.