News

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද මානව හිමිකම් කොමිසමට

නවක වදය මුවාවෙන් ශිෂ්‍ය මර්දනයක් සිදුකරන බව පවසමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

විශ්වවිද්‍යාලය තුළ නවක වදය සිදුවන බවට පවසමින් සිසුන් අත්අඩංගුවට ගෙන ශිෂ්‍ය මර්දනයක් ආරම්භ කර ඇති බව
ඔවුන් සඳහන් කළේය.

පසුගිය දා විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වද සිද්ධියකට අදාළව මේ වන විට සිසුන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.