රු.කෝටි 05කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කොල්ලකෑ පහක් අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් මැණික් ගල් තුනක් මිලදීගන්නා මුවාවෙන් පැමිණ කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක්, පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද(12) මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ මැණික් ගල් විදේශීය කාන්තාවකට ඉහළ මිලකට විකුණා දිය හැකි බව පවසා හිඹුටාන ප්‍රදේශයේ පුද්ගලයකු එම ව්‍යාපාරිකයාව කලුතර උතුර හෝටලයකට කැඳවා මෙසේ කොල්ල කා ඇති බව පොලිසිය කියයි.
පාතාල සාමාජිකයෙකු වන මතුගම ශාන් නමැත්තාගේ සහෝදරයකුගේ සැලසුමකට අනුව ඔහුගේ බිරිඳක වන මොංගෝලියානු ජාතික කාන්තාවක මැණික් ගැනුම්කාරියක ලෙස යොදවා මැණික් ගල් කොල්ලකා ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර හිටපු හමුදා සෙබළෙකු ද සිඉට ඇති අතර කොල්ලකන ලද සෙරන්ඩිබ් වර්ගයේ කැරට් 36.24ක් බර මැණික් ගලක්, ග්‍රෑම් 25.5ක් බර පුෂ්පරාග මැණික් ගලක් සහ ස්වාභාවික නිල් සෆායර් වර්ගයේ ග්‍රෑම් 10ක් බර මැණිකක්ද සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිසිය විසින් ඔවුන් සන්තකයට ගෙන ඇත.