රු. කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුන තොරතුරක් මත බදුල්ල දිස්ත්රික් වැටලීම් ඒකකය විසින් ඊයේ රාත්රීයේ මෙම මෙහෙයුම ක්රියාත්මක කර තිබුණා.
කම්කරු නිවාසයක් තුළ කාමරයක් තුළ සුදුහාල් වලින් ආවරණය කර තිබූ මෙම වාලම්පුරිය යාපනයේ සිට රැගෙන ආ බව සැකකරු පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටියේ තේ වත්තක පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.