කොල්ලුපිටියේ සුපිරි නිවසකින් රු. කෝටි 108ක් වටිනා හෙරොයින් හමුවෙයි
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලීමකින් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකිර්ණයක පළමු මහලයේ පිහිටි නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක පමණ තොගයක් සොයා ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාක රුපියල් මිලියන 1080 කට අධික වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා 29 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් වන අතර ඉන් දෙදෙනෙකු ඇමරිකානු ජාතිකයින් හා 45 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතිකයෙකුද ඒ අතරවේ.
සෙසු සැකකරුවන් දෙදෙනා ලාංකිකයින් දෙදෙනෙකු වේ. ඔවුන් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් බව සොයාගෙන ඇත.