News

රු. මිලියන 120ක් වටිනා හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට 

කුලියාපිටිය පොලිස් වසමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (27) රාත්‍රීයේ දී හෙට්ටිපොල පාර කඹුරාපොල හන්දියේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී යතුරු පැදියකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ක් සමඟ යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හා ඔහුගේ නිවස පරීක්ෂා කර තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් ‍පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ අනුව අත්අඩංගුවට පත් මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10කි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගොල්ලාගොඩ අඹගස්ගෙදර පදිංචි  වයස අවුරුදු 27 ක් වු තරුණයෙකු වන අතර එම  හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 120 කි.