රු. මිලියන 15ක් වටිනා මත්පෙති 3050 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 15 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් පාර්සලයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෘතුගාලයේ සිට පැමිණි මෙම පාර්සලය ලබා ගැනීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
