News

රු. මිලියන 2500ක් වටිනා ගිලන් රථ 132ක් රෝහල් වලට බෙදාදීමට සූදානම්

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිලන් රථ බෙදාදීම උත්සවය පැවැත්වීමට නියමිතයි.

එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500ක් වනවා.

මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබෙනවා.

දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබෙනවා.