News

රු.මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් කොල්ලුපිටියෙන් සොයාගැනේ

මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් වැටලීම ලෙස රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (24) දින පස්වරුවේ ඔවුන් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම හෙරොයින් තොගය කොල්ලුපිටිය සුපිරිවෙළඳ සංකීර්ණයක රථ ගාලක වෑන් රථ දෙකක තිබී හමුවූ බව සඳහන් වන අතර එම වෑන් රථ දෙක සහ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

ගමන් මලු 10ක පාර්සල් 272 ක් ලෙස සකස් කර වෑන් රථ දෙක තුල මෙම හෙරොයින් තොගය අසුරා තිබු බව පොලිසිය සඳහන් කළේය.