රු. මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට
වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (08) අළුයම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 40 කට අධික වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර තිබු වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.