News

මත්පෙති

රු. ලක්ෂ 12ක් වටිනා ඇපල් මත්පෙති 4008ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

ඇපල් වර්ගයේ මත්පෙති 4008ක් සමග සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්පෙති ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති වන අතර, මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික වන බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් වයස අවුරුදු 22, 48 හා 37ක් වන රාගම හා කොටුගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.