රු. ලක්ෂ 300 ක රන් ජාවාරමක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට
එල් ටි ටි සංවිධානයේ රත්රන් තොගයක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ කිලිනොච්චිය ධර්මපුරම් ඩෙත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ කිලිනොච්චිය විශ්වමඩු යුධ හමුදා නිළධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට අල්ලා ගත් වෑන් රථයක සිටි පුද්ගලයින් පස්දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ සිදුවීම වෙනුවෙන් කිලිනොච්චිය පොලිසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් සිවි දෙනෙකු සම්බන්ධවි ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති අතර, අදාළ නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.
රත්රන් කිලෝග්රැම් පහක් පවතින බවත්, එක් රත්රන් කිලෝග්රැමයක් රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් එකඟවි රත්රන් නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ පවතින තත්වය හමුවේ ජනතාව ,යුධ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන්ගේ අවධානය හමුවේ ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය,පුදුකුඩිරිප්පු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ත් 35 ත් අතර පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අදාළ ජාවාරම්කරුවන් පැමිණි වෑන් රථයක්,කුඩා කැබ් රථයක්,යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් වෙනුවෙන් සහයෝගය දැක්වීම වෙනුවෙන් කිලිනොච්චිය පොලිසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු පැමිණ ඇති බවත්,අදාළ පිරිස් ඉහළ නිළධාරීන්ගේ අවසරයෙන් තොරව පොලිසියෙන් පිටත්ව සහයෝගය දැක්වීම පිණිස යතුරුපැදිවලින් පැමිණ ඇති බවත්,ජාවාරම්කරුවන් හසුවු අවස්ථාවේ යතුරුපැදිවලින් පළාගොස් ඇති බවත් කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසති.
සැකකරුවන් අද(23) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය