රේගුව අදත් වැඩ වර්ජනයේ
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන තෙක් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.
රේගු වෘත්තීය සමිති සන්ධානය අග්‍රාමාත්‍යවරයාට, මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීඇති බව වාර්තා වන අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික ආරක්ෂක සේවා නිලධාරීයෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරීන් විසින් ඊයේ(31) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු සම්බන්ධ කටයතු ඇනහිට ඇත.
ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශය එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා ශ්‍රි ලංකා රේගුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබුණි.