රේගු නිලධාරීන්ගේ වැඩ වර්ජනය තවදුරටත්
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව මාණ්ඩලික රේගු නිලධාරී සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත් වී ඇති බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම සඳහා පෙරේදා (29) කැබිනට් අනුමැතිය හිමිවුණා.
විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය වෙනස් කරන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.