News

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ නිවාඩු

රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩලවල ගැටලු විසඳන ලෙස ඉල්ලා සියලු රෝහල්වල කනිෂ්ට කාර්ය මණ්ඩල සේවකයන් අද (07දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, රෝගී ජනතාවට මෙමගින් සිදුවන අපහසුතාවයේ වගකීම රජය භාරගත යුතු බවත් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පවසති.

සතියේ වැඩ කරන අමතර පැය අටට වැටුපෙන් තුනෙන් එකක් ලබාගැනීම, දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් ස්ථිර කරගැනීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000ක් කරගැනීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය කරන බව ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ කියා සිටිති.

උන්වහන්සේ කියා සිටියේ අසනීප නිවාඩු වාර්තා කරන සියලු රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල සේවකයන් අද  දිනයේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් දැවැන්ත විරෝධතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ආරම්භ කරන බවය.

අශිකා ජයවීර