News

ලංකාවට ආපු ගමන් අමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

ඩුබායිහි දී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් විට මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් ඇතැයි ද, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ නදීමාල් යන දෙදෙනාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇතැයි ද නීතීඥ උදුල් පේමරත්න මහතා ප්‍රකාශ කරයි.

නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා සහ නීතීඥ උදුල් පේමරත්න මහතා මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අමල් පෙරේරා සමඟ සාකච්ඡා කර ඇති අතර
ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නොමැති හෙයින් ඔවුන් ඩුබායි වෙත පැමිණියේ ගායකයන් ලෙස බවට ඩුබායි පොලිසිය පිළිගැනීම නිසාත් ඔවුන්ට දඩයක් වැනි ලිහින් දඬුවමක් ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සන්ධාන කරයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා අමල් පෙරේරා මහතා අතර සම්බන්ධයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නොමැති බව අමල් පෙරේරා ප්‍රකාශ කළේ යැයි නීතීඥ උදුල් පේමරත්න මහතා සන්ධාන කරයි.

මිතුරේකුගේ කටයුත්තකට කාර්යාලයට ගොස් මීට වසර තුනකට පමන පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇති බව හා ඉන් පසු කිසිම සම්බන්ධයක් නොතිබුණු බව අමල් පෙරේරා ප්‍රකාශ කළේයැයි ද නීතීඥවරයා සඳහන් කළේය. අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බව ද ඔහු කීවේය.