ලංකා කම්කරු කොංග්‍රසයේ නායක තොන්ඩමන්ගේ සහාය ගෝඨාභයට
ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැක්වීමට තීරණය කර ඇත.
අද (13 ) පෙරවරුවේ කොටගල ලංකා කම්කරු පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා මේ බව සදහන් කළේය.
ඒ අනුව සිය පක්ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා පවසා තිබේ.
