ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන පහක්
සීමා සහිත ලංකා විදුලි (පුද්ගලික )සමාගම (LECO ) කොවිඞ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කරයි.
සීමා සහිත ලංකා විදුලි (පුද්ගලික )සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා මහතා ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පෙරවරුවේ විජේරාම නිළනිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම මුදලට අදාල චෙක්පත ලබා දී ඇත.
සීමා සහිත ලංකා විදුලි (පුද්ගලික )සමාගමේ සේවකයින්ගේ දිනක වැටුපද (රුපියල් ලක්ෂ විසි දෙකක්) සීමා සහිත ලංකා විදුලි (පුද්ගලික )සමාගම විසින් සිදුකල පරිත්‍යාගයට ඇතුලත් වේ.
