ලංකා IOC සමාගමේ ඉන්ධන මිලත් ඉහළට
ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇත.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බව IOC සමාගම නිවේදනය කර තිබෙනවා.