News

ලංගමයේ නව සභාපති ලෙස උපාලි මාරසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උපාලි මාරසිංහ මහතා පත් කර ඇති බවට වාර්තා වෙයි.

ඔහු අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත අතර උපාලි මාරසිංහ මහතා මීට පෙර අධ්‍යාපන, සෞඛ්‍ය හා ඛණිජ තෙල් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූරය හෙබවූ අතර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂවරයා ද වෙයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් රමාල් සිරිවර්ධන මහතා ඉවත් වීමත් සමග එම ධූරය පුරප්පාඩු විම හේතුවෙන් මෙම පත්වීම සිදු කිරීමට නියමිතය.