ලංගමයේ 5638ක සේවක අතිරික්තයක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් පන්දහස් හයසිය තිස්අටක් (5638) සිටින බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළිකරගෙන ඇත.
2017 මාර්තු මාසය වන විට අනුමත කාර්ය මණ්ඩලය විසිහතර දහස් අටසිය අසූහයක් (24886) ක් වුවත් 2017 ජුනි 30 වැනිදා වන විට තිස්දහස් පන්සිය විසිහතර (30524) දක්වා වැඩි වී තිබේ.
2015 වන විට 36,000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ 3,227 දෙනෙක් වන්දි ලබාගෙන ඉවත්ව ඇත. තවත් 526 දෙනකු වන්දි ලබාගෙන ඉවත්ව යාමට නියමිත බවට කෝප් කමිටුව හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසා තිබේ.
සෙසු පිරිස නියමිත වයස සම්පූර්ණ වීමෙන් පසුව විශ්‍රාම යාමට නියමිත අතර 2015 න් පසුව බඳවා ගැනීම් නතර කර ඇති නිසා 2021 වන විට නියමිත කාර්ය මණ්ඩලය සම්පූර්ණ වන බව සභාපතිවරයා සඳහන් කර ඇත.
චමින්ද සේනාරත්න