News

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කට කොවිඩ්

 

 

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇති අතර එම ආසාදිතයන් මේවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර තිබේ.

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මින් ප්‍රථම කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර පසුව තවත් සේවකයන් ඊයේ (05) අන්ටිජන් පරික්ෂාවට යොමුකර තිබුණා. මේ මෙහිදී එම සේවකයන් ගෙන් 07 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුණා.

මේ සමග බලාගාරයේ සෙසු සේවකයන් 140 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකර බලාගාර සංකීර්ණයේ නිවාස වලම ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ.