ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු ජර්මනියේදී අත්අඩංගුවට
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී ඇත.
39 හැවිරිදි මෙම සැකකරු නිරිතදිග ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔහුගේ නිවස ද ජර්මානු පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වේ.
2005 වසරේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සහ ඊ.පී.ඩී.පී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.