News

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව සටන් කරනවා

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

කල්මුනේ නගරයේ පැවති උත්සවයදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 24වන වරට සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ “වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එළෙව්වා.

ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා. එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට. විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ යනුවෙනි.