ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ඇපල් පෙති 4000ක් සමඟ තිදෙනෙකු මාට්ටු
මිනුවන්ගොඩ නගරයේදී ඇපල් වර්ගයේ මත් පෙති 4000ක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වයස අවුරුදු 35ත් 40ත් අතර මිනුවන්ගොඩ සහ කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට අනාවරණය වේ.
අත්අඩංගුවට ගත් මත්පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධිකය. එම සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.