ලක්ෂ 12කට වඩා වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු
යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්රෑම් 101 යි මිලිග්රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (04) රාත්රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාශ දූෂන මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වන අතර එම සැකකරු මග්ගොන, කිතුලහේන ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බවයි පොලීසිය සඳහන් කරයි.