News

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ – පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මෙම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 11ක් තිබී ඇත. සැකකරුවන් වයස අවුරුදු 25 සහ 34 වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලීසය සඳහන් කරයි.