News

ලක්ෂ 175ක් වටිනා අයිස් සමඟ අයෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11) දහවල් කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි පැමිණ ඇත.

සැකකරු 33 හැවිරිදි මහනුවර , කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර ගමන් මලු දෙකක , ව්‍යාජ පතුල් වල මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 045 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබුණි. මෙම පුද්ගලයාගෙන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සදහා පැමිණ, ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැදී සිටි 37 හැවිරිදි මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි රියැදුරුවරයෙකු සහ ඔහු පැමිණි වෑන් රථය ද, මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් වලදී මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු බව අනාවරණය කරගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තා වෙයි.