News

ලක්ෂ 20ක තේක්ක දැව දහයියා තුල සගවා ගෙන ගිය දෙදෙනෙකු STF අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් විලඔය කරදගොඩ ප්‍රදේශයේ දී දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් කොටියාගල සිට කොළඹ දක්වා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සියඹලාණ්ඩුව තුනේ කනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ලොරි රථය තුල ඉතා සූක්ෂම ලෙස දහයියා තුල සගවා ප්‍රවාහනය කල තේක්ක දැව කදන් හැත්තෑවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට වැඩි බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස්දෙක සහ තිස් හත යන වයස් වල පසුවන අතර සැකකරුවන් සහ දැව තොගය ඇතිමලේ පොලිසිය වෙත භාර දී තිබේ.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.