ලක්ෂ 26ක් ගොවීහු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙති
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දොළහක ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි පැටලී සිටින ජන සංඛ්‍යාව 28,45,000ක් වෙතියි ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධානයේ කැඳවුම්කරු වන කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා පවසයි.
ණය උගුලට හසු වූ 24,90,000ක් ම කාන්තාවන් බව පවසන ඔහු ඉන් බහුතරයක් දෙනා කෘෂිකාර්මික ප්‍රදේශවල මව්වරුන් බවත් සඳහන් කරයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 170 දෙනෙක් සිය දිවි නසාගෙන ඇති බව පැවසූ ඔහු අවසන් වරට දිවි නසාගත් තැනැත්තා ඇලහැර, දියබෙදුම ඇල කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි චාමර ප්‍රේමකීර්ති (30) නමැත්තෙක් බවද සඳහන් කළේය.
ක්රිෂ්ණ විජේබණ්ඩාර