ලන්ඩනයේ සිට ආ සිසුන් 82ක් දියතලාවට
අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගිය තම පහළොස් හැවිරිදි දරුවාත් රජයේ ක්‍රියාදාමයට සහාය දක්වමින් දින දාහතරක් නිරෝධායනයට යොමු කළ බව හිටපු ඇමැති ලක්ෂ්මන් වසන්ත ‘අරුණ’ කළ විමසීමකදී පැවසීය.
තම දරුවා ඇතුළු එංගලන්තයේ සිට ඊයේ (16 වැනිදා) උදෑසන පැමිණි දරුවන්ට කිසිදු රෝගයක් නොමැති වුවත්, රටේ පවත්නා නීතිය අනුව ආදර්ශයක් වෙමින් ඔවුන් නිරෝධායනයට ලක්කළ බව හෙතෙම සඳහන් කරයි.
හිටපු ඇමැතිවරයාගේ පුත් දිල්ප කෞෂල්‍ය (15) නමැති දරුවා ඇතුළු උසස් අධ්‍යාපනයට එංගලන්තයට ගිය ශිෂ්‍යයන් අසූ දෙදෙනකු දියතලාවේ යුද හමුදා නිකේතනවල නිරෝධායනය සඳහා ඇතුළත් කර තිබිණි.
එංලන්තයේ සිට පැමිණීමට නියමිත සිසුන් ඇතුළු සියලුදෙනා වෙනුවෙන් දියතලාවේ සියලුම හමුදා නිවාඩු නිකේතන හා බංගලා ඊයේ (16 වැනිදා) සිට වෙන්කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවසීය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
