ලබන සතියේ නිදහස් පක්ෂයෙන් එස්.බී – ඩිලාන් – ලක්ෂ්මන් – සොයිසා ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු ලබන සතිය වනවිට පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙති. මෙම මන්ත්‍රීවරුන් වෙනත් දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධව දේශපාලන කටයුතු සිදු කිරීම සහ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ප්‍රකාශ කරමින් විනය පරීක්ෂණ සිදු කරන ලදී. විනය පරීක්ෂණ වාර්තා මත මෙම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළේය. ඒ පිළිබඳව පසුගිය සිකුරාදා (22 වැනිදා) දිනයේම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇත. ඒ.එච්.එම්. ෆවුසි ජාතික ලැයිස්තුවෙන් පිර්ලිමේන්තුවට තේරී පත් විය. ෆවුසි ඉවත් කිරීමෙන් ඇතිවන පුරප්පාඩුවට පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
උදයජීව ඒකනායක
