News

ලබන 30 වැනිදා සිට දින 3ක ඩෙංගු මර්ධන වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ ලබන 30 වැනිදා සිට දින 3 ක් එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් 4000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.

එම කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.