ලයිට් කපන්න ගිය විදුලි සේවකයන් ගුටි කයි
විදුලි බිල්පත් නොගෙවා’ ව්‍යාපාරික ස්ථානයක විදුලිය සිඳලීමට ගිය සේවකයන් දෙදෙනකුට හා විදුලි අධිකාරිවරයකුට ව්‍යාපාරිකයකු හා පිරිසක් එක්ව පෙරේදා (15දා) සවස ඔවුන් නවාතැන්ගෙන සිටි තැනට ගොස් පහරදීමක් සිදුවී ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.
පහරදීම නිසා ප්‍රතිකාර ගැනීමට ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ විදුලි අධිකාරිවරයකු හා විදුලි පාරිභෝගික සැපයුම් නිලධාරීන් දෙදෙනකු මහියංගණ මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර පහරදීම ගැන පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත.
පහරදීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයෝ මහියංගණ නගරයේ කළු කොඩි දමා විරෝධය දැක්වූ අතර ඔවුන්ගේ කෑම පැයේ මහියංගණ නගර මධ්‍යයේ හා මහියංගණ පොලිසියට ඉදිරිපිට ඊයේ (16දා) දහවල් නිහඬ විරෝධතාවකද නිරත වූහ.
රංජිත් කරුණාවීර -මහියංගණ