හෙරොයින් කිලෝ 300ක් සහ ගිනිඅවි සමග 6දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 300 ක් සහ ගිනිඅවි තොගයක් සමඟ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රාවක් සහ පුද්ගලයින් හයදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රවි හංසි නමැති අදාළ ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 300යි ග්‍රෑම් 323ක්, AK47 වර්ගයේ ගිනි අවි 05ක්, මිලිමීටර් 9 පතුරොම් 1000ක් සොයාගෙන ඇත.
ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සදහන් කළේ කේරළ ප්‍රාන්තයේ විසින්ජම් වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගත් බවයි.
එම යාත්‍රාවේ තිබී ව්‍යාජ ලිපි ලේඛන රැසක් ද සොයාගෙන ඇති බවට විදෙස් මාධය වාර්තා කරයි.
හෙරොයින් සහ ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් හයදෙනා එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කෙසේ වෙතත් එවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබදව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.