News

ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් බංග්ලාදේශයට

බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස් ඇත.

යු.එල්.1422 දරණ ගුවන් යානය අද පස්වරු 1.15ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගොස් ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව බංග්ලාදේශයේ ඩකා නුවර රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු අද(27) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.