ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසු ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා – ටිල්වින්
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.
ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගිය 01 වනදා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එම අනතුර සිදුවූ අවස්ථාවේදී ලාල්කාන්ත මන්ත්‍රීවරයා බීමත්ව සිටි බවට අනාවරණ වූ බව බදුල්ලේ ඊයේ (03) පැවති ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත එම පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.