News

ලාල්කාන්ත මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවු අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත මහතා බීමත්ව සිට ඇති අතර බීමතින් රිය පදවා අනතුර සිදු කිරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.