ලියාපදිංචි වාහනවලට දෙන ණය 80% දක්වා ඉහළට
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම පහසුකම බලපැවැත්වෙනු ඇත.
ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වන විටත් නිකුත් කර ඇති බව මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කරයි.