News

ලේක් හවුස් ආයතනය අසල නොසන්සුන්තාවයක් ඇති වෙයි 

ලේක් හවුස් ආයතනය අසල මිට සුළුමොහොතකට පෙර යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් එම ආයතනය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි තව දුරටත් වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සමරා ඇති අතර අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ එහි තිබූ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ප්‍රදර්ශනය කර තිබූ බැනර් ඉවත් කිරීමට යාමේදී සේවකයින් සමග ගැටුමක් ඇති විය.