ලොරියකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට
බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදි කරු ලොරි රථයට යට වී අනතුරක් සිදු වී ඇත
ලොරි රථයට යට වූ පුද්ගලයා බදුල්ල මහරෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මරණකරු වයස වුරුදු 59ක් වූ කැටවත්ත, මීගහකිවුල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් පොලිසිය විසන් අත්අඩංගුවට ගෙන ඇත.