News

ලොව පුරා ආහාර වලින් පහෙන් එකක් අපතේ යනවා

ලොව පුරා පාරිභෝගිකයන් වෙත හිමිවිය යුතු ආහාර වලින් පහෙන් එකක් පමණ ඉවතලන බව ජගත් සංවිධානය පවසයි.

2019 වසරේදී මෙලෙස ටොන් බිලියනයක් පමණ වූ ආහාර ද්‍රව්‍ය, නිවාස, අලෙවිසැල්, ආයතන සහ රෝහල් මගින් ඉවතලා ඇති බව ජගත් සංවිධානයේ ඉවතලන සම්පත් සංරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ රිචඩ් ස්වනෙල් ප්‍රකාශ කරයි.

එය පාරිසරික සාමාජීය මෙන්ම, ආර්ථිකමය පාඩුවක් ලෙසයි ඔහු හඳුන්වයි.

මෙලෙස ඉවතලන ආහාර ටොන් 40 බහාලුම්වල පටවා එනිනෙක පිටුපස රැඳවුවහොත් ලොව වටා වට 7 ක් නිර්මාණය කළ හැකියි.

මෙලෙස ලෝකය ආහාර ද්‍රව්‍ය අපතේ යවද්දී ලොව පුරා මිලියන 700 ක් පමණ ජනතාව සෑම රැයකම සාගින්නෙන් නින්දට යන බව ජගත් සංවිධානය ඇස්තමේන්තු කර තිබ.