ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 3 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,002,887 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 987,322ක්.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 293,991ක් වන අතර, නිව්ජර්සි ප්‍රාන්තයෙන් වන ආසාදිතයින් සංඛ්‍යාව 109,038ක්.
ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.
එම සංඛ්‍යාව 226,629ක්.
ඊට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 197,675ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 162,100ක්, ජර්මනියෙන් ආසාදිතයින් 157,770ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 152,840ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 110,130ක් වාර්තා වේ.
ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 207,080ක්.
