ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 20000ට ආසන්නයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ.
මේ වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 19,595 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර එය 26,448 ක් වේ.
ඊයේ(13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ 1513 ක් වාර්තා වී තිබේ.
අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 86,748 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉතාලිය තුළ ද මේ වන විට මරණ 20,465 ක් සිදුව ඇත.
ඉතාලිය තුළ පුද්ගලයින් එක් ලක්ෂ 59,516 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.
දෙවන වරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 70,099 ක් වේ.
ස්පාඤ්ඤයෙන් මරණ 17,756 ක් වාර්තා වේ.
